සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිව ඇත.

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍රා වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරුලන ආලෝකයත් වන්නේ යම් සේ ද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි, යැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා අද (15) දින යෙදෙන තෛපොංගල් උත්සවයට සුබපතමින් කියා සිටියි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)රාත්‍රී පැවැත්විණි.

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Latest News