තවත් 7කට සුවයි

ජූලි 21, 2020

    මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (21) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ (20) මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 06 දෙනෙක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 2730ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් එක් අයෙකු රාජාංගනයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.

    සෙසු පස්දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි.

    Latest News