දැනට පොලිස් කොස්තාපල්වරයෙකුට අතිරේක දීමනාව ලෙස ගෙවන්නේ රුපියල් නවදහස් අටසියයක් සහ රුපියල් එකොළොස් දහස් දෙසීයක් අතර දීමනාවක් බව කී ඇමැතිවරයා ප්රධාන පොලිස් පරික්ෂකවරයෙකුට රුපියල් දාහතර දහසක අතිරේක දීමනාවක් ලැබෙන බව ද කීය.
මෙම මුදල වැඩි කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි කී හෙතෙම එහි නිර්දේශ මත දීමනා වැඩි කරන බව ද පැවැසුවේය.
ත්රීවිධ හමුදා සාමාජිකයන්ට ලබා දෙන ආකාරයට පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී (පොජපෙ) ශාන්ත බණ්ඩාර ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.
යහපාලන රජය විසින් පොලිස් නිලධාරීන්ට එක් මාසයක් පමණක් අතිරේක දීමනාව ගෙවා ඉන්පසු එය අවලංගු කළ බවය.
එසේ අවලංගු කළ දීමනාව යළි ලබා දෙනවාදැයි මන්ත්රීවරයා විමසුවේය.