ප්‍රවීන සංගීතවේදී එච්.එම් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    ප්‍රවීන සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා අද කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

    මියයන විට වයස අවුරුදු 68ක්. ප්‍රවීන සංගීතවේදියෙකු හා ගීත රචකයෙක් වන එච්.එම්.ජයවර්ධන මහතා, ප්‍රේමය නම්,සඳ තරු නිහඩයි,ඹබයි රම්‍ය සඳ කිරණ,කඩමංඩියේ දොල අයිනේ,ඇය යන්න ගියා මැකිලා ඇතුළු ගීත රැසක තනු නිර්මාණ හිමිකරුවායි.

    එකයායේ එකම කකා,ගංගාව මමයි ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ඔහු විසින් ගායනා කර තිබේ. නැසීගිය සංගීතවේදිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වන එච්.එම්.ජයවර්ධන මහතා, නවපරපුරේ සංගීතවේදියෙකු වන කසුන් කල්හාර මහතාගේ පියානන්ද වෙයි.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:34

    Latest News