සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු පළමුවැනිදා සිට කතෘ භාගය ගෙවීමට ක්‍රියාකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණයට පමණක් පොරොන්දු ලැයිස්තුවක් දී, පත් වූ දවසේ සිට ඒ කිසිවක් නොකෙරන පුද්ගලයකු නොව කියූ දේ තමන්ගේ ධූර කාළසීමාව තුළ කරන පුද්ගලයෙකු ඉදිරි ජනාධිපතිවරයා වියු යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියළුදෙනා අත්අඩංගුවට ගෙන අයිඑස් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන්කරන බව ජනපති ප්‍රකාශ කළේය.

නව ආරක්ෂක ලේකම්වරයෙක් අද පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

ති‍්‍රවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ඒකාබද්ධ කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක මණ්ඩලයේ දී ඉල්ලීමක් කර තිබේ.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

චමල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පූර්ණ අනුමැතිය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අපේ රට කඩනව, බෙදනව කියන බොරු ජාතිවාදි බිල්ලන්ට ජනතාව බයවෙන්න එපා. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වෙන්නේ ජනතාවගෙ කැමැත්තෙන්.

Latest News