විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබෙනවා.

සංචාරක වීසා මගින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ ජාවාරම නැවැත්වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන්, දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සියලුම විදේශිකයින්ට නිකුත් කර ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය ජුනි 11 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස රජය විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News