අඟහරු ග්‍රහයා මතුපිට ජලය තිබූ බවට තහවුරුවේ...

සැප් 11, 2021

    අමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා මතුපිට ජලය තිබූ බවට තහවුරු කර තිබේ.

    අඟහරු වෙත යැවුණු රෝවර් යානය මගින් ලබාගත් පාෂාණා කොටස් යොදා ගනිමින් කෙරුණු පර්යේෂණයකින් එම ආයතනය මෙම නිගමනයට එළඹ ඇත.  එම පාෂාණ කාලයක් ජලයට නිරාවරණය වී ඇති බව, රෝවරය සතු තාක්‍ෂණික උපකරණ මගින් හඳුනාගෙන ඇත. නව සොයා ගැනීමත් සමග නාසා ආයතනය කියා සිටින්නේ, මීට පෙර අඟහරු ග්‍රහයා තුළ නිසැකවම ජීවයක් පවතින්නට ඇති බවයි. රෝද 6 කින් යුත් රෝවර් යානය, පසුගිය සැප්තැම්බර් 6 සහ 8 දෙදින තුල මෙම පාෂාණ කොටස් සොයා ගෙන ඇත.  ඒවා ඉදිරියේදී පෘතුවියට රැගෙන ඒමෙන් පසු වැඩිදුර පර්යේෂණ සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.

    Latest News