ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදේ දිවයිනට පැමිණියේය.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

අපේ රට එදා මෙන්ම අදත්, හෙට දවසේත් මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදාහරින ධර්ම ප‍්‍රචාරක මූලස්ථානය බවට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

මීට වසර 07 කට පෙර 2012 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටියක් මහා නායක හිමිවරුන්ට පූජා කරමින් තමන් මෙරට සඟ පරපුරෙන් කළ ඉල්ලීම නැවත වතාවක් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නය වෙත සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි.

යෝජිත ජාතික ආණ්ඩුවට තමා තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (04) ප්‍රකාශ කළේය. 

සිංගප්පූරුවේ දෙදෙනි නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි දිවයිනට පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවේ ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා මැතිනිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

Latest News