ඒ අනුව ශ්රී ලංකාවේ 2019 යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EU EOM) ප්රධාන නිරීක්ෂක මාරිසා මාටියාස් මහත්මිය විසින් 2019 ජනාධිපතිවරණය පිළිබඳ මෙහෙයුමේ අවසන් වාර්තාව සිකුරාදා කොළඹදී ඉදිරිපත් කරනු ඇති.
යුරෝපා සංගම් (EU EOM) ශ්රී ලංකාවේ සිටි අතර 2019 ඔක්තෝබර් මැද සිට දෙසැම්බර් මැද භාගය දක්වා දීර්ඝ කාලීන හා කෙටිකාලීන නිරීක්ෂකයින් 60 දෙනෙකු නොවැම්බර් 16 වැනි දින පැවැති මැතිවරණය සඳහා යොදවා තිබිණ.
අවසාන වාර්තාව සමස්ත මැතිවරණ ක්රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් වන අතර අනාගත මැතිවරණ වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ 23 ක් අඩංගුවන බව පැවසේ.
මාටියාස් මහත්මිය පෘතුගාලයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්රීවරියකි.