රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට CIDයට අවසර

පෙබ 14, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නේය.

    ඒ අනුව, ඔහුගේ බිරිඳ වන කේ.එස්.එම්.අයිෂා මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව, එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් කොළඹ, ඉසිපතන මාවතේ පිහිටි ඉම්රාන් මොහොමඩ් නැමැත්තාගේ නිවස පරීක්‍ෂා කලේය. එහි තිබී මුදල් ලේඛණ හා ඔප්පු පිටපත් 240ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒවා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් බව පැවසේ. ඒ අනුව, ඉම්රාන් මොහොමඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    නඩුව අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කෙරිණ.  ඉම්රාන් මොහොමඩ් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී අදාළ ලිපි ලේඛනවල වටිනාකම රුපියල් නව ලක්‍ෂ තිස් පන් දහසක් බව සැකකරු කියා සිටියේය. එහෙත් එහි සත්‍ය වටිනාකම රුපියල් නව කෝටි අසූ නව ලක්‍ෂ තිස්පන් දහසක් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලදී සනාථ විය. සැකකරුට ඇප ලාබදීම ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ලබන 28 වැනිදා තෙක් ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. නඩුව යළි එදිනට කැඳවීමට නියමිතයි.

    Latest News