හෙරොයින් කිලෝ 330ක්, අයිස් මත්ද්‍රව්‍ය කි‍ලෝ 50ක් අත්අඩංගුවට

මාර් 02, 2020

    හොරොයින් කිලෝ 330ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50ක තොගයක්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගැඹුරු මුහුදේ දී සිදු කළ සෝදිසියකදී මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනුණා. කිසිදු රාජ්‍යයක ලියාපදිංචි වී නොමැති යාත්‍රා දෙකක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි වාර්තා වන්නේ. මීට දෙදිනකට පෙර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ විමර්ශනයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබෙනවා.

    Latest News