අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් සතොස සහ සමුපකාර වෙත – රජය දැනුම් දෙයි

මාර් 20, 2020

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ සතොස, සමුපකාර ඇතුළු වෙළදසැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇතැයි රජය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හරින්නැයි වෙළඳසැල්වලට උපදෙස් දී ඇති බවයි.

    ජනතාව ගැසවෙන ස්ථානවලදී මීටරයක පමණ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේය.

    Latest News