ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස්

අප්‍රේ 22, 2020

    ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් සිය වෙළෙදාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම නිසා කොවිඞ් වයිරසය ජනතාව අතරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති හෙයින් පොලිස් මුලස්ථානය අද (22) සිට ඔවුන්ට අනුගමන කළ යුතු සෙෘඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක් හදුන්වා දී ඇත.

    මාර්ග ගත ක‍්‍රම යටතේ සහ නිවසින් නිවසට ගොස් මාලු එළවලූ, පළතුරු, බේකරි නිෂ්පාදන, ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළෙදුන් පහත උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතු බව පොලිස් මධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    පොලිස්පතිවරයා විසින් හදුන්වා දී උපදෙස් අනුව කටයුතු නොකරන ජංගම වෙළෙදුන්ගේ අැදිරි නීතිය බලපත‍්‍ර අහෝසි කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    Latest News