මාතලේටත් නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක්

ජූලි 20, 2020

    මාතලේ ප්‍රදේශයේ නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදි කෙරෙනවා.

    ඒ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේයි.

    දිවයිනේ නව විශ්වවිද්‍යාල 10 ක් ඇතිකිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇත.

    මේ යටතේ මාතලේ ඇල්වල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 25 ක භූමියක නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදි කෙරේ.

    ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 05 ක්.

    මෙම භූමිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

    Latest News