ඔවුන් මැලේසියාව, කෙන්යාව, ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානය වෙමින් සිටි පුද්ගලයින්ය.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953 ක් දක්වා ඉහළ ගියේය.
සුවය ලැබූ සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 2805 කි.
මේ අතර, කොරෝනා ආසාදිතව මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරිණ.
ඒ, කොටිකාවත්ත පොදු සුසාන භූමියේදීය.
ඇය පසුගිය 20 වැනි දින ඉන්දියාවේ සිට පැමිණ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක්ය.
ඒ අනුව, කොරෝනා හේතුවෙන් මෙරට මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 12 ක් වේ.