අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කොට සිටි හමුදා සෙබළෙකු ද එහිදී බරපතළ තුවාල ලැබ ඇති බවයි, වාර්තා වන්නේ.
අද (30) දින පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණ.
අස්ගිරි විහාර පරිශ්රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයක ද අදාළ රථය ගැටී තිබූ අතර එහිදී අදාළ රථය නැවතී තිබිණ.
අනතුර සිදුකළ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.