කුඩු ජාවාරම් කළ බෝම්බ කුමාර අත්අඩංගුවට‍

සැප් 25, 2020

    මාතලේ හා රත්තොට ප්‍රදේශයන් හි කුඩු ජාවාරමේ යෙදුණු “බොම්බ කුමාර“නැමැත්තා අද (25) මාතලේ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, හෙරෝයින් ග්‍රෑම් 02ට අධික ප්‍රමාණයක් ද සමගින්.

    මාතලේ, රත්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු විසින් නිවසේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලීසිය සඳහන් කරයි.

    Latest News