මේ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ වනවිට පවතින කොවිඩ් අවදානම් තත්වය හේතුකොට ගෙන වනජීවි අමාත්‍යංශය කළ දැනුම්දීමකට අනුව පින්නවල සත්වෝද්‍යානය හා අලිඅනාථාගාරය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කර සිටී.
සංචාරකයින් සඳහා මෙසේ වසා දැමුවත් සියලුම පරිපාලන කටයුතු සිදුකරන බවයි පැවසෙන්නේ.