ඒ අනුව, එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇත.
කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල සංකල්ප ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශයෙන් අද (20) දිනයේ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
එම සියලුම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගොස් පුජාවකට සහභාගි වු පිරිසක් බව මේ වනවිට අනාවරණය වී ඇත.
එම නිසා මෙම ආසාදිතයින්ගේ අශ්‍රිතයින් විශාල පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන් සහ නිළධාරීන් සමඟ මේ වනවිට හදිසි සාකච්ඡාවක් පවත්වන බවත් වෛද්‍යවරයා පවසයි.
කුලියාපිටිය ප්‍රදේශය පුරාම, නගරයෙන් සහ ඒ අවට ගම්මාන වලින් මෙම ආසාදිතයින් වාර්තා වන බවත් හම්බලව, ඌරුපිටිය, ගයියාල, බොහිංගමුව සහ ගලගෙදර යන ප්‍රදේශවලින්ද ආසිදිතයින් වාර්තා වන බව වෛද්‍යවරයා පැවසීය.
අවධානම් තත්ත්වයක් පවතින බැවින් ගතයුතු සියලුම ආරක්ෂක පිළිවෙත් ගැනීමට කටයුතු කර ඇති බව, වෛද්‍යවරයා සඳහන් කළේය.