කැලණි ගගේ ජලයේ ගුණාත්මකභාවය සමීක්ෂණයට

ඔක් 21, 2020

    කැලණි ගගේ ජලයෙහි ගුණාත්මකභාවය පිළිබද සමීක්ෂණයක් සිදුකිරීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

    කොළඹ ජල අවශ්‍යතාවෙන් සියයට හැත්තෑ පහක්ම සපුරා ලන්නේ කැළණි ගගේ ජලයෙන්.

    කැලණි ගං ඉවුර දෙපස මීටර් 500 ක් ඇතුළත ඇති කර්මාන්තශාලා හේතුවෙන් ගංගාවේ ජලයට බලපෑම් සිදුවන බව අනාවරණයවී තිබේ.

    ඒ හේතුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කැලණි ගගේ ජලයෙහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

    සමීක්ෂණයට අනුව, ගංගා ද්‍රෝනි ආශ්‍රිතව පිහිටා ඇති කර්මාන්තශාලාවන්හී පරිසර ආරක්ෂණ බලපත්‍ර පරීක්ෂාවට ලක් කෙරේ.

    බලපත්‍ර නොමැති කර්මාන්තශාලා සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

     

    Latest News