එහෙත් ඊට නිසි පියවරක් ගැනීමට හිටපු බුද්ධි අධ්යක්ෂවරයා කටයුතු කර නැති බවද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) අනාවරණය වුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දිවයින පුරා රාජකාරි කටයුතු සිදුකරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් රැසකගෙන් ජනාධිපති කොමිසම පෙරේදා මාධ්‍ය නොමැතිව රහසිගතව සාක්ෂි විමසා තිබුණා. කෙසේ වුවද එහිදි මුල්වරට අනාවරණය වු කරුණු රැසක් පිළිබද වැඩිදුර සාක්ෂි විමසීම සදහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (21) 25 වන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම වෙත කැදවා තිබුණා.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – “ජයවර්ධන මහත්මයා අපි දිවයින පුරා රාජකාරියේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් රැසකගෙන් විශේෂ සාක්ෂි විමසීමක් රහසිගතව ඊයේ සිදුකළා. එහිදි අපිට අනාවරණය වුණා ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදු කරමින් ඉකුත් වසරේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් එවූ තොරතුර පිළිබදව. ප්‍රහාරය සිදුවන තුරුම ඔබ කිසිදු බුද්ධි නිලධාරියෙකුව දැනුවත් කරලා තිබුණේ නැහැ කියලා එහිදී හෙළි වුණා. ඇයි ඔබ එහෙම කළේ නැත්තේ…?
නිලන්ත ජයවර්ධන – “ස්වාමිනි මම මෙහෙම පැහැදිලි කරන්නම්. එල්.ටී.ටී.ඊ යුද්ධය කාලේ රටම යුද්ධයකට සුදානම් වෙලා හිටියා. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරිනුත් දිවයින පුරාම විවිධ රාජකාරි වලට යොමු වෙලයි හිටියේ. ඒත් ඒ කාලෙදි ගාල්ලට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා බුද්ධි තොරතුරක් ආවොත් ගාල්ල දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. මොකද එවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා දැනුවත් කළාට ඒ ප්‍රදේශයේ බුද්ධි නිලධාරින්ට කරන්න පුළුවන් දෙයක්නැති නිසා. මෙහෙයුම් කටයුතු සියල්ල පාලනය වුණේ කොළඹ තියෙන එක මධ්‍යස්ථානයකින්. අන්න ඒ නිසයි මේ සිද්ධියේදිත් මම දිවයින පුරා සිටි පහළ නිලධාරින්ව දැනුවත් නොකළේ ”
සභාපති විනිසුරුවරයා – ජයවර්ධන මහත්තයා දැන් මට ඉස්සෙල්ලාම කියන්න අප්‍රේල් 04 වෙනිදා වෙනකොට සහරාන් ලංකාවේ මොන ප්‍රදේශයකද හැංගිලා හිටියේ කියලා ඔබ දැනගෙන සිටියද?
නිලන්ත ජයවර්ධන – නිශ්චිත ස්ථානයක් දැනගෙන සිටියේ නැහැ ස්වාමිනි
සභාපති විනිසුරුවරයා – අප්‍රේල් 04 තොරතුරේ නම් සදහන් වුනු ත්රස්තවාදීන්ගේ ඡායාරූප සහ තොරතුරු රටපුරා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට යවලා ඔවුන් හැංගිලා ඉන්න තැන් ගැන හොයලා බැලුවේ නැත්තේ ඇයි.
නිලන්ත ජයවර්ධන – ” ස්වාමිනි මාර්තු 26 තිබුණු බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය කිව්වා සහරාන් ඉන්දියාවට පැනලා ගිහින් කියලා. ඒත් මගේ මතය වුණේ සහරාන් ලංකාවේ ඉන්නවා කියන එකයි. රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීමක් ඊට පස්සේ තිබ්බා. මම එතනදී ඇහුවා සහරාන් ඉන්නේ ලංකාවේද? ඉන්දියාවේද ? නැත්නම් සිරියාවේද ? කියලා. ඒක නිශ්චිතවම සොයාගන්න ඕනේ කියලත් මම කිව්වා. නියෝජ්‍ය අධ්යක්ෂ හරහා අපේ නියෝජිතයන්ට සහරාන් ඇතුළු අන්තවාදින්ගේ තොරතුරු සහ ඡායාරූප යැව්වා. ඔවුන් ඉන්න තැන් හොයන්න කියලා.
සභාපති විනිසුරු – ඒ කියන්නේ විදෙස් බුද්ධි තොරතුරට ඉස්සෙල්ලා ඔබ දැනගෙන හිටියද සහරාන්ලා ලංකාවේ ප්‍රහාරයක් එල්ල කරන්න ඉඩකඩ තියෙනවා කියලා.
සභාපති විනිසුරුවරයා -” ස්වාමිනි සහරාන් ශ්‍රී ලංකාව තුළ යම්කිසි දෙයක් කරයි කියලා අපිට දැනිලා තිබුණා. ”
නිලන්ත ජයවර්ධන -ඔබ කොමිසම ඉස්සරහ සාක්ෂි දෙන 25 වන දවස අද. මීට ඉස්සෙල්ලා කිසිම දවසක ඔබ ඔය කියන මාර්තු 26 වෙනිදා තොරතුර ගැන කතාව කියලා නැහැ. අඩුම තරමින් පොලිස් ඒකකයට දුන්න ප්රකාශවලවත් මේක සදහන් වෙලා නැහැ. ඒ ඇයි..?
නිලන්ත ජයවර්ධන- “ස්වාමීනි පොලිස් ඒකකයට ප්‍රකාශ දෙද්දි ඒ ගැන සදහන් කළේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයෙන් එවපු ලේඛන වල ඒ බව ඇතුළත් වෙලා තිබුණේ නැති නිසා.
සභාපති විනිසුරුවරයා – හරි ජයවර්ධන මහත්මයා ඔයා මට මේක කියන්න. ඔබ ඉස්සෙල්ලා කිව්වා ප්‍රහාරයක් එල්ල වෙයි කියලා සිතුන නිසා දිවයින පුරා සියලු නිලධාරීන්දැනුවත් කළා කියලා. එහෙනම් ඇයි විදෙස් බුද්ධි අංශයකින් තොරතුරු ලැබුණාම ඒ දේම නොකළේ.
නිලන්ත ජයවර්ධන – ” ස්වාමිනි මේක විශේෂ තොරතුරක් ඒ ගැන රාජ්‍ය බුද්ධි සේවයේ සිටි ප්‍රාදේශීය නිලධාරියෙකුම දැනුමක් තිබුණේ නැහැ. ඒ ගැන දැනුමක් තියෙන්නේ අදාළ අංශයේ නිලධාරීන්ට විතරයි. දිවයිනේම නිලධාරීන් දැනුවත් කරන්න නම් මට පන්ති පවත්වන්න වෙයි.
කොමිසමේ සභාපතිවරයා දිගින් දිගටම යොමුකළ සෘජු ප්‍රශ්න වලට නිලන්ත ජයවර්ධන මහතා නිශ්චිත පිළිතුරු ලබා නොදීම හේතුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්නයට අදාළ නොවන දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නොවන බව විවෘත කොමිසම හමුවේ අවධාරණය කළා.
සභාපති විනිසුරුවරයා – ” ජයවර්ධන මහත්මයා, එක්කෝ මම ප්‍රශ්න අහන එක නවත්වන්න ඕන. නැත්තම් ඔබ පිළිතුරු දෙන එක නවත්වන්න ඕන ” අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරය පිළිබද තොරතුරු ලැබුණට පස්සේ ප්‍රහාර එල්ල වෙයි කියලා හිතපු ප්‍රසිද්ධ හෝටල් අසළ ඔබේ නිලධාරින් අවේශන රාජකාරි වල යෙදෙව්වද.
නිලන්ත ජයවර්ධන – ” නැහැ, ඒ තොරතුරු වල නිශ්චිත හෝටලයක් ගැන සදහන් වුනේ නැති හින්දා මම නිලධාරින් යොමු කළේ නැහැ ”
සභාපති විනිසුරුවරයා – ඒ කියන්නේ මේ ලැබුණු තොරතුරු ගැන සොයා බලන්න ඔබ බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ නෑ කියන එකද දිගින් දිගටම කියන්න හදන්නේ.
නිලන්ත ජයවර්ධන – ” ඒකට මම උපදෙස් දෙන්න ඕනේ නැහැ ස්වාමිනි, රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ අංශය ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සොයලා බලන්න ඕනේ. ”
සභාපති විනිසුරුවරයා – ” අප්‍රේල් 04 ප්‍රහාරයක් පිළිබද විදෙස් බුද්ධි අංශයකින් ලබා දුන් තොරතුරෙහි යම් සිද්ධියක් වීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ඔබට කිව්වා නේද.
නිලන්ත ජයවර්ධන – ” ස්වාමිනි මම ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙනවානම් දෙන්න වෙන්නේ. ඔව්…නැහැ… කියලා. ඒත් මට එහෙම උත්තරයක් දෙන්න බැරි නිසා මම නැහැ කියලා කියනවා.
සභාපති විනිසුරුවරයා – ජයවර්ධන මහත්තයා කරුණාකරලා මම අහන දේට උත්තර දෙන්න. එහෙම බැරිනම් මම කොලේකුයි පෑනකුයි දෙන්නම්. මගේ ප්රශ්නය කොළේක ලියාගෙන ඊට පස්සේ ප්රශ්නය දිහා බලන් උත්තර දෙන්න ”
කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා- ” ජයවර්ධන මහත්මයා, ඇයි අද ඔබ මේ ටෙන්ෂන් එකෙන් සාක්ෂි දෙන්නේ. මොකක් හරි හේතුවක් තියෙනවද..? ” නිලන්ත ජයවර්ධන – ” ස්වාමිනි මට මම කරපු රාජකාරිය ගැන පිළිතුරු දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් ඔබතුමාලගේ කොමිසමෙන් කළින් දවසේ මට අවවාද කළානේ මගේ පිළිතුරු දීමේ විලාසය ගැන. මේ අන්තිම අවවාදය ආයේ අවවාද කරන්නේ නැහැ. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වානේ. මගේ රාජකාරි ජීවිතයේ Discipline ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. මම Disciplinary Officer කෙනෙක්. එක නිසයි මම පීඩනයකින් උත්සර දෙන්නේ
කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා- “ජයවර්ධන මහත්මයා ඔබ මේ කොමිසම හමුවේ මේ දින 25 සාක්ෂි දෙද්දි 50 පාරකට වැඩිය කිව්වා ඔබ Disciplinary Officer කෙනෙක් කියලා. හැබැයි ඔබ එහෙම කෙනෙක්නම් ඇයි අනිත් නිලධාරින්ගේ දුරකතන ඇමතුම් පටිගත කළේ ”
නිලන්ත ජයවර්ධන – ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසුවා. ” ස්වාමිනි දැන් මට අද වෙලා තියෙන දේ පේනවනේ. මම යවපු බුද්ධි වාර්තා වල ඉස්පිලි පාපිලි නැහැලු, ඒ වාර්තා එවලා තියෙන්නේ බිත්තර ගැනලු, අප්‍රේල් 21 න් පස්සේ හැමෝම කියන්නේ නිලන්තට තමයි ඔක්කෝම කරන්න තිබුනේ කියලා. හිටපු ජනාධිපතිතුමාගේ නෙමේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයාගෙයි මම පුතෙක් වෙලා හිටියේ. ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉදලා ඒ බලය නැති වෙද්දි මට ගෝඨාභයගේ පුතා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයේ ඉදලා ඒ බලය නැතිවෙද්දි මට රනිල් මහත්තයාගේ පුතා කිව්වා, මෛත්‍රී මහත්තයාට බලය නැතිවෙද්දි මට මෛත්‍රීගේ පුතා කිව්වා. එහෙම හිටපු මම දැන් අවජාතකයි. ස්වාමිනි මටත් බලවත් තාත්තා කෙනෙක් ඕනේ. මම ඔය කියන වැඩේ කළේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ කියන තනතුර රකින්න. මොකද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව රැක්කොත් විතරයි මුළු බුද්ධි සේවයම රැකෙන්නේ “.
අභියාචනාධිකරණ විනිසුරු – ඒ වුනාට ජයවර්ධන මහත්මයා, ඔබ ඔබත් එක්කම එකට වැඩකරපු නිලධාරින්ගේ ඇමතුම් ඔවුන්ට නොදැනෙන්න පටිගත කරපු එකෙන් මොහොතකට හරි ඔබේ Discipline එක නැති වුණා නේද.
නිලන්ත ජයවර්ධන – ස්වාමිනි Undisciplined ලොකේක Discipline එකක් බලාපොරොත්තුවෙන්න එපා.
අභියාචනාධිකරණ විනිසුරු -“ජයවර්ධන මහත්මයා මේ වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ කොමිසම හමුවේ සාක්ෂි දීලා තියෙනවා සහරාන්ලා මේ ප්‍රහාරය සැලසුම් කළේ 2019 වර්ෂයේ මාර්තු 27 පානදුර පිහිටි ආරක්ෂක නිවසකදි කියලා. ඔබ ප්‍රහාරයට පෙර මේ පිළිබද දැනුවත්ව හිටියද..?
නිලන්ත ජයවර්ධන – රාජ්‍ය බුද්ධි සේවයට ඒ වගේ තොරතුරක් ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයෙන් පස්සේ දැන් හැමෝම ඇවිත් කියනවා අරක දැනන් හිටියා. මේක දැනන් හිටියා කියලා. එත් එහෙම කියලා නැහැ. ඔය ප්‍රහාරය සැලසුම්කරන මුල් අවස්ථාවේ ඉදලම දෙහිවල ට්‍රොපිකල් ඉන් වල පිපිරීමකින් මියගිය ජමීල් කියන ත්රස්තවාදියා ඉදලා තියෙනවා. අපි ඔය කියන ජමීල් අන්තවාදි කියලා කිව්වේ 2017 ඉදලා. එත් ජමීල්ව සි.අයි.ඩි එකට ගෙනල්ලා එයා මොකකටවත් සම්බන්ධ නැහැ. හොද ළමයෙක් කියලා යන්න යැව්වා. තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න. මේක මට තහවුරු වෙච්ච තොරතුරක් නෙවෙයි. හැබැයි අහන්න ලැබුණා. සයින්දමර්දුහි වලදි මියගිය සහරාන්ගේ සහෝදරයෙක් වන ශෙයිනිවත් ප්‍රහාරයට ඉස්සෙල්ලා මාර්තු 23 සි.අයි.ඩි එකට ගෙනල්ලා පස්සේ ආපහු යැව්වා කියලා. ඉතිං ඔය කියන අයව ගෙනල්ලා පස්සේ යන්න නොදී ප්‍රශ්න කළානම් මේ වගේ විනාශයක් වෙන්න කලින් සෑම දෙයක්ම අනාවරණය කරගන්න තිබ්බා. ”