කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 704 ක් දක්වා ඉහළට

නොවැ 16, 2020

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ (15) පස්වරු 20.45 වනවිට තවත් ආසාදිතයන් 160 දෙනෙකු එක්වී තිබේ.

    එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 704 ක් දක්වා ඉහළ ගියේය.

    අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

    මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 13,628 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 13,788 ක් විය.‍

    Latest News