වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළිත්

නොවැ 19, 2020

    බස්නාහිර පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කර තිබේ.

    බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නොවැම්බර් 16 වැනි දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    නැවත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ 2020 ඔක්තෝම්බර් 7 වැනි දින සිට 2020 දෙසැම්බර් 31 දක්වා දඩ නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News