වතු සේවක දෛනික වැටුප වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය සතියකින් (වීඩියෝ)

දෙසැ 21, 2020
  • 2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරීම පිලිබඳ අවසන් තීරණය ගැනීමට තව සතියක කාලයක් ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය  කර තිබේ.

      ඒ්, වතු කම්කරු නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ජාවකින් අනතුරුවයි. වතු කම්කරු නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ, වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි.  හාම්පුතුන්ගේ සම්මේලනය වතු කම්කරුවන් දෛනිකව අතිරේක දළු කිලෝ දෙකක ප්‍රමාණයක් ලබාදිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

    ඒම සේවකයන්ට සේවය අවසානයේ පාරිතෝෂිත දීමනා ලබාදීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි සිදුකර නොමැති බවත්, ඒ් අනුව සෑම සේවකයෙකුම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ දෙදිය යුතු බවටත් හාම්පුතුන්ගේ සම්මේලනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

    සියලු කරුණු සළකා බුලූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ කුමන තත්වයක් යටතේ වුවද වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවට රජයේ තීන්දුව කිසිදු ආකාරයකින් වෙනස් විය නොහැකි බවයි.

    රුපියල් දහසක අවම වැටුප ලබාදීමට නොහැකි යම් සමාගමක් වේ නම් ඒම වතු නැවත රජයට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා අදාල පාර්ශ්ව වෙත මෙහිදී දැනුම් දුන්නේය.

    ඒ් අනුව රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගම් මගින් ඒම වතු පවත්වාගෙන යාමට රජය සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් ද සාකච්ජාවට ඒක්ව සිටියහ. 

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:20

    Latest News