පාකිස්ථානයේ පළමු අන්තර් ජාල වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

ජන 30, 2021

    ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට, ඇඟලුම් නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට පාකිස්ථානයේ පළමු අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට නොමිලේ ලියාපදිංචි විය හැකි බව කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය සළකා බලමින් පාකිස්ථාන වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පාකිස්ථාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය මෙම අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධාන කරයි.

    පාකිස්ථානය අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධාන කරන පළමු අවස්ථාව මෙය වන අතර, එය ලබන මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    Latest News