පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

පෙබ 10, 2021

    පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සදහා මේ මස 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා 24 වන බදාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙසේ පාර්ලිමේන්තුව අමතනු ඇත.

    පසුගිය වසරේ වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයායි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    Latest News