ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් පුද්ගලයන් කුලියට යොදවා මහ ගස් කපාදමා සීගිරිය අභයභූමියේ ඉඩම් අත්පත් කරගැනීමට ක්‍රියා කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.
මීට දින කිහිපයකට පෙරද සීගිරියේ වනඅලි ගහණ ප්‍රදේශයක අක්කර 60කට අධික කැලෑවක් කපා අඹ, පොල් ආදී පැළ වගා කරන බව කියමින් කරගෙන ගිය ඉඩම් කොල්ලයද ද සීගිරිය අවුඩංගාව මහා වන විනාශයඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය විසින් තහනම් කරනු ලැබීය.
වගකිව යුතු බලධාරීන්ට මේ වනාන්තර විනාශය පිළිබඳ කෙතරම් දැනුවත් කළද කිසිදු අවධානයක් නොමැති බවත්, මේවා දැනුම් දෙන අයට සිදුවන්නේ මැර කණ්ඩායම්වලින් පහර කෑමට බවද ඔවුහු පෙන්වා දෙති.
සීගිරිය ප්‍රදේශයේ කීප දෙනකු මුහුණු ආවරණය කරගෙන අවුඩංගාව ප්‍රදේශයට පැමිණ දිනපතා ගස් කපා බිම හෙළන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉනාමලුව වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන්ද මේ සඳහා සහයෝගය ලබාදෙන බවත් ඔවුහු පෙනවා දෙති.