පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරිණ. ජනාධිපතිතුමා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළේය. කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබීය.
උඩරට, පහත රට නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන් සහභාගීත්වයෙන් පෙරහර වර්ණවත් විය. මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.