අගමැතිතුමා මුජිබර් රහමාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය එක්වෙයි (වීඩියෝ)

මාර් 19, 2021
  • බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (19) පෙරවරුවේ එරටට ළඟා විය.

    අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින්. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ බංග්ලාදේශ රාජ්‍ය චාරිකාව සිදු කෙරෙන්නේ, එරට අග්‍රාමාත්‍යවරියගේ ආරාධනයකට අනුවයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස, යූ.එල්. 189 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

    අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බංග්ලාදේශ ජන රජයේ ජාතියේ පියා ලෙස සැලකෙන, බංගබන්දු ෂෙයික් මුජිබර් රහමාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුමට අද පස්වරුවේ එක්විය. එහිදී අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් ද පවත්වනු ලබයි.

    Last modified on සෙනසුරාදා, 20 මාර්තු 2021 18:59

    Latest News