නාවික හමුදාවේ “සයුරළ නෞකාව“ පකිස්තානයට

පෙබ 03, 2019

    පකිස්තානු “අමාන්“ නාවික අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුරළ නෞකාව“ ඊයේ පකිස්තානය බලා පිටත්ව ගියා.

    නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිටත්වීමේ උත්සවය පැවැත්වුණේ, කොළඹ වරාය පරිශ්‍රයේදී. නෞකාව, ලබන 7 වැනිදා පකිස්තානයේ කරච්චි නුවර වෙත ළඟාවීමට නියමිතයි. නිලධාරීන් 28 දෙනෙකු සහ නාවිකයන් 142ක් කාර්ය මණ්ඩලයට ඇතුළත්වේ. බහු පාර්ශ්වික “අමාන්“ පුහුණු අභ්‍යාසය ලබන 8 වැනිදා සිට 14 දක්වා කරච්චිහිදී පැවැත්වේ.

    නාවික තොරතුරු හුවමාරුකර ගැනීම අන්‍යෝන්‍ය අවබෝධය, සාගර ආරක්‍ෂක සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් මෙන්ම මානුෂීය ආධාර මෙහෙයුම් ඇතුළු අභ්‍යාස රැසක් ඊට ඇතුළත්. විදේශීය නාවික හමුදා සමඟ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමට ඉන් අවස්ථාව හිමිවේ.

    මෙරට මුහුදු කලාපයේ සාගර ආරක්‍ෂාව ස්ථාවරව පවත්වාගෙන යාමට මෙවැනි අභ්‍යාසවලින් පිටිවහලක් සැලසේ. රුසියාව, කැනඩාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය ඇතුළු රටවල් 44ක නාවික හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

    Latest News