කොවිඩ්-19 මරණ ගණන ඉහළට....

මැයි 11, 2021

    කොවිඩ්-19 දෛනික මරණ සංඛ්‍යාව ඊයේ (10) මරණ 26ක් වාර්තා වූ අතර, මාස 03ක බිළිඳියක්ද ඒ අතර විය.

    ඒ වත්තේගම ප්‍රදේශයෙන්. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම බිළිඳිය පසුගිය 09 වනදා ජීවිතක්ෂයට පත්වූ අතර කොවිඩ් නියුමෝනියාව මරණයට හේතුව ලෙස සඳහන් වේ. කොවිඩ්-19 තුන්වන රැල්ලේ දින 25ක් තුළ ආසාදිතයින් 32,344ක්. මරණ 194 ක් වාර්තා විය. සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබේ.

    කොළඹින් 08ක්, කළුතරින් 06ක් ,ගම්පහ, ගාල්ල, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 02 බැගින් මෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, නුවරඑළිය හා මාතර දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් ඊයේ වාර්තා විය.

    Latest News