අල්ගම මැදගම කන්ද නායයෑමෙන් අයෙක් මරුට

ජූනි 05, 2021

    වරකාපොළ, අල්ගම මැදගම කන්ද නායයෑමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    නායට හසුවූ නිවසේ සිටි තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි. මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ සිරුර යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව සොයා ගනු ලැබීය. වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයා නිවැසියන්ට නායයාමේ අවදානම ගැන දැනුවත් කර ඇතත්, ඔවුන් නිවසින් ඉවත් වී නොමැති බව වාර්තාවේ.

    Latest News