නොවැම්බර් 01 සිට පළාත් අතර බස් - දුම්රිය ධාවනය ඇරඹේ

ඔක් 30, 2021

    නොවැම්බර් 1 වැනිදා සිට පළාත් අතර දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

    රජය දී ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දුම්රිය ධාවන කටයුතු සිදුකෙරන බවත්, දුම්රියේ ගමන් ගන්නා මගීන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත්, ඔහු දැනුම් දෙයි.

    අන්තර් පළාත් දුම්රිය 152ක් පමණ ධාවනය කෙරේ. මෙහිදී කාර්ය්‍යාල සේවකයින් සඳහා මෙන්ම සාමාන්‍ය ජනතාවටත් දුම්රිය භාවිතා කළ හැකියි. ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව ද පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

    නට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වැනිදා අළුයම 04.00 න් පසු ඉවත් කිරීමට ඊයේ (29) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කර තිබේ.

    මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන කාර්යාල සේවකයින් සඳහා විශේෂ බස් රථ සේවා ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 11:09

    Latest News