යාපනය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රජා පොලිස් සේවාවක්...

නොවැ 03, 2021

    යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රජා පොලිස් සේවාවක් වසම් මට්ටමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.

    ග්‍රාම නිලධාරි වසම් 153 ක් ආවරණය කරමින් පොලිස් වසම් 9 කදී මෙය ක්‍රියාත්මකයි. මේ පිළිබඳව නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ යාපනය මූලස්ථාන පොලිස් ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා.

    මත්ද්‍රව්‍ය නිවාරණය සහ දූෂණ වැළැක්වීම මෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට දායකත්වය ලබාදීම මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණක්. ප්‍රදේශයේ පොදු කටයුතුවලට සහය දීම, ප්‍රජා උපදේශනය හා විශෝධනය, ආපදා කළමනාකරණය, පරිසර ආරක්ෂාව, ජාතික හා ආගමික සමගිය ප්‍රවර්ධනය සඳහා දායකත්වය ලබාදීම ප්‍රජා පොලිස් ඒකකයට පැවරෙනවා.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රැසක් මේ අවස්ථාවට සහභාගී වුණා.

    Latest News