මංජු වර්ණකුමාර පා.මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

දෙසැ 01, 2021

    මහින්ද බුද්ධදාස සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර මහතා අද (01) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

    අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පසුගිය 25වැනිදා මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය.

    ඒ අනූව, මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර තෝරා පත් කර ගත් බවයි,මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ. 

    Latest News