දුමින්ද නාගමුව අත්අඩංගුවට

ජන 04, 2022

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් දුමින්ද නාගමුව මහතා අද (04) දහවල් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ.

    ඒ පසුගිය නොවැම්බර් 09 වැනි දින අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් අධිකරණයේ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

    කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනූව මෙම සැකකරු අත්අඩංගුවට ගැනිණ.

    Latest News