නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාරදෙති....

පෙබ 25, 2022

    ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු තිදෙනෙක් අද (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලිබියාව සඳහා නවතානාපතිවරු පත්ව සිටිති.

    1. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛාලිද් නසාර් සුලෙයිමාන් අල්අමෙරි මහතා
      (Khaled Nasser Sulaiman Al Ameri)
    2. ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලීජියොන් චන්ග් මහත්මිය
      (Julie Jiyoon Chung)
    3. ලිබියා තානාපති නසාර් අල්ෆර් හානි මහතා
      (Nasser Alfurjani)


    කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News