රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට- අගමැති

මාර් 14, 2019

    රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට බවත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකි බවත් ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ කලාපයත්, වානේ කර්මාන්ත ශාලාවත් ආරම්භ කරන බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී අය-වැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව ප්‍රකාශ කළේය.

    ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනිණි.

    2004 ලංකාවේ අපනයනය මසා නිම කළ ඇදුම් හා පේෂ කර්මාන්ත ආදායම ඩොලර් මිලියන 2800යි. වසර2004 සියයට සීයක් වැඩි වුණේ නෑ. 2015 දී ඩොලර් මිලියන 27500යි. අපේ ජී.එස්.පී (GSP +) නැති කළා. ඒ වාසිය බංගලාදේශයට ගියා. ඒ නිසා ස්වර්ණමය යුගය තියෙන්නේ බංගලාදේශයෙයි. අපට රටේ අන්තිමට ණයක් දුන්නේ. රටේ ජනතාව මේ පව් ගෙව්වා. අපි සීනි බෝල දුන්නේ නෑ. ප්‍රාථමික හා ජංගම ගිණුමේ අවුරුදු 70 කට පසු අතිරික්තයක් තිබෙනවා. ගිණුම් ශේෂයේ අතිරික්තයක් ඇති කළ යුගය ද , ණය කළ යුගය ද ස්වර්ණමය යුගය?

    ස්මාර්ට් පන්ති කාමර තිබෙනවා. ගෙවල් හැදුවා. වතුකරය හඳනවා. සින්නකර අයිතිය ඉඩම්වලට දෙන්න යනවා. සංචාරකයින් එනවා. මාර්තු 4 බිංගිරියේ විශාලම වෙළඳ කලාපය ආරම්භ කළා. මේ මාසයේ අන්තිම බිංගිරියට වඩා දෙවන පිරිපහදුව, හම්බන්තොට ඇති කරනවා. සිමෙන්ති කර්මාන්ත ශාලාවක් හදනවා.

    ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ කලාපයත් වානේ කර්මාන්ත ශාලාවත් ආරම්භ කරනවා. විපක්ෂයට මේවා අහගෙන ඉන්න බෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට. ආර්ථිකය දෙස බලන්න. අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. 2025 වන විට මේ රට ඉදිරියට ගෙනයනවා''යයි ද අග්‍රාමාත්‍යවරය පැවසී ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 20:11

    Latest News