හක් බෙල්ලන් සමඟ අයෙක් දැලේ

අප්‍රේ 07, 2019

    නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි නිලධාරින් පිරිසක් අද (07) හම්බන්තොට, කහදාමෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    එහිදී විවිධ වර්ගයේ හක් බෙල්ලන් 184 ක් සොයා ගෙන ඇති අතර, ඒවා නීති විරෝධී ලෙස නිවසේ තබාගෙන සිටියදි  අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට, කහදාමෝදර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, හක් බෙල්ලන් සහ ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.

    Latest News