2025 ශ්‍රී ලංකාවට නොසිතූ සංවර්ධනයක්;ඇමති මංගල (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ඉතිහාසයේ පළමු වතාවට ආසනයකට රුපියල් කෝටි 30ක මුදලක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    එමගින් 2025 වනවිට ශ්‍රී ලංකාවට නොසිතූ සංවර්ධනයක් කරා ළඟා විය හැකි බවයි, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එහිදි අදහස් පළ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා.... 

    “ගම්පෙරළිය වැඩසටහන යටතේ ලංකා ඉතිහාසයේ අපි කවදාවත් ලබානොදුන් මුදලක් හැම ආසනයකටම ලබාදිලා තියෙනවා කෝටි තිහක්. අද අපි සංවර්ධනය කයිවාරුවකට, එහෙම නැත්නම් රූපවාහිනියේ පෙන්වන කතාවට සීමා කරලා නැහැ. තමුන්නාසේලාට ඇගට දැනෙන සංවර්ධනයක් අපි ලබලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන් මේ කටයුත්ත අපි ඉදිරියට ගෙනිච්චම 20-25 වර්ෂය වෙනකොට අපේ මේ පුංචි ලංකාවට, තමුන්නාන්සේලාගේ මේ පුංචි ගම්මානවලට නොහිතන සංවර්ධනයක් ඇතිවෙන්න පුලුවන්“. යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වසර 120ක් පැරණි මාතර, මුලටියන දිද්දෙනපොත, ශ්‍රී මුරුගන් කෝවිලේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (07) එක්වෙමින්. අමාත්‍ය පලනි දිගම්බරම්, ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 19:56

    Latest News