දුම්රිය බලවේග කට්ටල 2ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මැයි 08, 2019

    දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් බහු ඒකක දුම්රිය කට්ටල 2ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

    මෙම දුම්රිය කට්ටල දෙක උතුරු දුම්රිය මාර්ගයට යෙදවීමට නියමිතයි. 2013 වසරේදී ආරම්භ කළ උතුරු දුම්රිය මාර්ගය මගීන් අතර, වඩාත් ජනප්‍රිය සහ ආකර්ශනීය වීමෙන් මගී ඉල්ලුම වැඩි වෙමින් පවතින බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    දැනට අඩි 50ක දිගින් යුත් වායු සමනය කළ දුම්රිය මැදිරි වෙනුවට අඩි 65ක දිගින් යුත් එස්-13 ඩීසල් බහු ඒකක දුම්රිය මිලදී ගැනීමට යෝජනා වී ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

    Last modified on බදාදා, 08 මැයි 2019 19:53

    Latest News