2020 - බිම් බෝම්බයට තිත (වීඩියෝ)

නොවැ 09, 2018
  • 2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර කලාපයක් බවට පත් කිරීම ඉලක්කය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
    මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම නිරීක්‍ෂණය සඳහා පැමිණි කාම්බෝජියානු බිං වෙඩි පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාව මේ බව කියා සිටියා.
    හමුව පැවැත්වුණේ යාපනයේ මූහමාලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ වැඩබිමේදී. ඉංජිනේරු බල සේනාධිපති බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර මහතා විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය.
    බිම්බෝම්බ ඉවත් කිරීමට තවත් ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර 25ක ප්‍රදේශයක්. ඒ සඳහා විශේෂඥ පුහුණුව සහිත සෙබලුන් 300ක් එක්ව සිටී.  පුහුණු සුනඛයන් ද යොදා ගැනේ. ස්වේච්ජා සංවිධාන කිහිපයක් ද එක්ව සිටී.
    මෙරට බිම්බෝම්බ ඉවත් කිරීම පිලිබඳව විශේෂ වැඩසටහනක් කාම්බෝජියානු නියෝජිත පිරිස සමඟ කොළඹ දී අද පැවැත්වීණ. 
    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 18:38

    Latest News