ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
උමා ඔය, මිනිපේ ඇළ, වයඹ ඇළ, ඉහළ ඇළහැර ඇතුළු වාරි ව්‍යාපෘතිවල මෙතෙක් ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා අදාළ අංශ වෙත අවධාරණය කළේ නියමිත කාලයට පෙර එම ව්‍යාපෘති නිම කරමින් කඩිනම් ප්රතිලාභ ජනතාවට සලසන ලෙසයි. එමෙන්ම මහවැලියෙන් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ කි‍්‍රයාමාර්ග හා නව ව්‍යාපෘති කෙරෙහි ද මෙහි දී ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශය ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන යටතේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.
රුක් රෝපණ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා මහවැලි කලාපය තුළ කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප්‍රගතිය ද විමසා බැලිනි. එමෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. අමාත්‍යාංශය යටතේ ඇති සියලූ ආයතන සහයෝගයෙන් සහ ඒකාබද්ධව අදාළ වැඩසටහන් සාර්ථක කර ගැනීමට කැපවීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවාධාරණය කළේය.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිරි පියවර පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වුවන් නැවත පදිංචිකිරීම් සිදු කළ ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු එම ජනතාවගේ ආර්ථික සාමාජීය පසුබිම ඉහළ නැංවීමට ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.
එමෙන්ම මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක විදුලිබලාගාරයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳවද ජනාධිපතිතුමා විමසු අතර පසුගිය මාස 12 තුළ රුපියල් මිලියන 1100ක ඝෘජු ආදායමක් ඉන් උපයාදීමට හැකි වූ බව එහිදී සඳහන් කෙරිණ.
රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින සියලූ ආයතනවල ප්‍රධානින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.