මේ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා මෙම සහන පැකේජය හඳුන්වා දී තිබේ.
මෙම පැකේජය හඳුන්වා දී ඇත්තේ, ණය යෝජනා ක්‍රමයක් ලෙසයි.
මෙහිදී රුපියල් ලක්ෂ පහක ණයක් ලබාදේ.
ඒ පොලී රහිතවයි.
මෙය වසර තුනකින් ගෙවිය යුතු අතර ඒ සඳහා මාස දොළහක සහන කාලයක් ලබදේ.
මෙය ලබාදෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් පමණයි.