UNP මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳුදා අරඹයි: අපේක්‍ෂක ගැන ඉඟියක්

ජූනි 21, 2019

    ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින්, ලබන පළමු වැනිදා සිට ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

    පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව අනාවරණය කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී.

     “ඊළඟ එන ඕනෑම මැතිවරණයකට ජනාධිපතිවරණය වෙන්න පුලුවන්, එහෙම නැත්නම් ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගනිමින් අපේ පක්‍ෂයේ ප්‍රචාරක වැඩ පිළිවෙළ ආරම්භ කරන්න අපි තීරණය කරනු ලැබුවා. මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ගෙන යාම සඳහා රාජිත සේනාරත්න මහතා, රුවන් විජේවර්ධන මහතාත්, මමත්, ඒ වගේම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරනු ලැබුවා. මේ කමිටුව මගින් ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න තීරණය කරනු ලැබුවා.

    එක්සත් ජාතික පක්‍ෂෙය් ජනාධිපති අපේක්‍ෂකයා නම් කරලද යැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා....

    “ඇත්ත වශයෙන්ම ගියවරත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා පස්සේ තමයි අපි අපේක්‍ෂකයා දැනුවත් කරනු ලැබුවේ. මෙවරත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ අපි අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    2015 වගේම ඊළඟ ජනාධිපතිවරණයත් අපි දිනන්නේ. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒ වගේම අපි හදන දැවැන්ත සන්ධානය තමයි දිනන්නේ. ඒ සන්ධානයේ අපේක්‍ෂකයා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා. ඒ වගේම ඒ සන්ධානයට මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විතරක් නොවෙයි පොහොට්ටුවේ දේශපාලඥයොත් එකතු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 19:10

    Latest News