CTB හැරවුම් ලක්‍ෂය: සුඛෝපබෝගී බස් ධාවනය 27 සිට (වීඩියෝ)

ජූනි 21, 2019

    මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව හැරවුම් ලක්‍ෂයකට ළඟාවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට හැකිවී තිබේ.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට උසස් ප්‍රමිතියෙන් යුත් බස් රථ පමණක් මිලදී ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. මෙතෙක් භාවිත කළ ලොරි චැසි සහිත ප්‍රමිතියෙන් තොර බස් රථ වෙනුවට ඉදිරියේදී ප්‍රමිතියෙන් යුතු බස් රථ පමණක් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැලසුම් කර ඇත. ඒ යටතේ, ඇණවුම් කළ පළමු බස් රථ 9 පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

    තවත් බස් රථ 37ක් ආනයනය කිරීමට නියමිතවේ. එක් බස් රථයකට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 17.1ක්. ආසන 51 කින් යුත් බස් රථයක ශීතකරණ, දුරකථන ආරෝපණය සහ රූපවාහිනී ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි. බස් රථ 9 ඉදිරියේ දී මහරගම, කටුබැද්ද, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, පොළොන්නරුව, මාවනැල්ල සහ මාතලේ යන ඩිපෝවලට ලබාදෙනු ඇත.

    ඒ පිළිබඳ අදහස් පලකළ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා...
    "දෙසැම්බර් මාසය වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගි වායු සමීකරණය කළ ඒ වගේම ආබාධිතයන්ට තමන්ගේ රෝද පුටුව බස් රථය තුළට ගෙනයාමට හැකි බස් රථ 2000ක් ධාවනය යොදවනවා. ලංකාවේ ඩිපෝ 106ක් තිබෙනවා. ඩිපෝ 106ටම අපි බස් රථ ලබාදෙනවා. ප්‍රධාන නගරවල ඉඳන් කොළඹ දක්වා ගමන් කරන සාමාන්‍ය බස් රථ වෙනුවට මේ බස් රථ යොදවන්න. දැනට තියෙන බස් රථවල ගමන් කරන්න කැමති නැත්තේ පහසුකම් නැති නිසා. පහසුකම් සහිත බස් රථයක් ලබාදුන්නොත් අපි හිතනවා මගීන් වැඩියෙන් බස් රථවල ගමන් කරයි කියලා'' යැයි අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    ගෙන්වන ලද බස් රථ ලබන 27 වැනිදා සිට මගී ජනතාවගේ ප්‍රයෝජනයට යොදවනු ඇති. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්‍ෂෙත්‍රය තුල සුවිශේෂි හැරවුම් ලක්‍ෂයක් සටහන් කරමින්, සිදුවන මේ වෙනස තු ල සමස්ත මගී ජනතාවගේ ද ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. එසේ වුවහොත් පමණයි මේවා මෙලෙස ඉදිරියටත් පවත්වාගෙන යා හැකියි.

    ctbnewbus px 900 19 06 21

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 20:20

    Latest News