“මනුස්සකම අංක එකට“ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

ජූලි 05, 2019

    “මනුස්සකම අංක එකට“ වැඩසටහන් මාලාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (05) අත්සන් තැබිණ.

    එහි පාර්ශ්වකරුවන් වන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසියයි. අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම, මහත්මීන් එක්වූහ.

    සමාජයීය සංහිඳියාව ඇතිකරලීම වැඩසටහන් මාලාවේ අරමුණයි. සංහිඳියාව පිළිබඳ සිවිල් ප්‍රජාව දැනුවත් කිරීම, ගුරුවරුන් සහ පාසල් සිසුන් දැනුවත් කිරීම ඉන් සිදු කෙරේ. එහිදී දිවයිනේ විවිධ පළාත් ආවරණය වන පරිදි වැඩසටහන් 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News