පූජිත්ට සහ හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් පෙත්සමක්

ජූලි 09, 2019

    පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු සඳහන් කරයි.

    ඒ අනුව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට මේ අනුව නියමිත බව සඳහන්.

    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කරනු ලැබූ විශේෂ විමර්ශන කොමිසමේ නිර්දේශයන්ට අනුව, නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 17:57

    Latest News