ඇමති සජිත්ට කුරුණෑගල දී උණුසුම් පිළිගැනීමක්

සැප් 05, 2019

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ ජන හමුවක් කුරුණෑගල දී අද පැවැත්විණ.

    මෙහිදිී අමාත්‍යවරයාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට අතිවිශාල ජනකායක් එක්වූහ. ජනහමුව ඇමතූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “අපිට ධන බලය නැහැ. අපිට පවුල් බලය නැහැ. අපිට පවුල් වාදය නැහැ. අපට ගජ මිතුරු සංගම් නැහැ. මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාසගේ එකම පවුල් බලය මේ රටේ පුරවැසි බලයයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හොඳට මතක තියා ගන්න සජිත් ප්‍රේමදාස දිනන කොට මම රජ ගෙදර යන්නේ නැහැ. මම මන්දිරවලට යන්නේ නැහැ. මිත්‍රවරුනි, මගේ රජගෙදර, මගේ මන්දිරය පොදු ජන සේවය කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මගේ දෑත්වල ලේ තැවරිලා නැහැ. මගේ දෑත්වල හොරකම තැවරිලා නැහැ. මගේ දෑත්වල මංකොල්ලකෑම් තැවරිලා නැහැ. අපි මිනීමරුවෝ, කුඩුකාරයෝ, මත්ද්‍රව්‍ය කාරයින්ව අපි රැකවරණය ලබාදීලා නැහැ. අපි ආරක්ෂාව ලබාදීලා නැහැ. මම කියන්න කැමතියි වැඩි වැඩියෙන් මඩ ගහන්න, වැඩි වැඩියෙන් චෝදනා කරන්න. වැඩි වැඩියෙන් අපහාස කරන්න. මේ වනවිට මම උදේ 04.00ට නැගිටලා රෑ 12.00ටයි සංවර්ධන වැඩ කටයුතු අවසන් කරන්නේ. වැඩි වැඩියෙන් මඩ ගහන්න. වැඩි වැඩියෙන් චරිත ඝාතනය කරන්න. වැඩි වැඩියෙන් විවේචනය කරන්න. වැඩි වැඩියෙන් බොරු චෝදනා එල්ල කරනකොට මම ඔබලට පොරොන්දු වෙනවා සජිත් ප්‍රේමදාස අඩුවෙන් නිදාගෙන තවත් වැඩියෙන් වැඩකරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා ජනරැලිය අමතමින් පැවසීය.

    Latest News