කළුතර - ගුලවිට ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක සහිත ගල්ලෙන ආශ්‍රිතව අවසර දී තිබු ගල් කොරියේ බලපත්‍රය මේ වනවිට අත්හිටුවා ඇත.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන්.පී පෙරේරා මහතා පැවසුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත එය අවලංගු කළ බවයි.

තවද ප්‍රදේශීය ලේකම්වරයා පැවසුවේ මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව අවසර ලබා දුන් තවත් ගල් කොරියක් පවතින බවයි.

එහි කටයුතු ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත නතර කළ හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මෙම ගල්ලෙන අශ්‍රිතව මුලික විමර්ශනයක් ද කර ඇත.

එහිදී පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගල්ලෙනට සමාන සාධක මෙම ගුහාවෙන් ද සොයාගත හැකිවනු ඇති බව පවසනවා.

ඒ ආශ්‍රිතව ඇති ගල් කොරි තහනම් කිරීමේ අවශ්‍යතාව ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දී ඇත.

Latest News